මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
ඔක්තෝම්බර් 1 වනදා සිට 20 දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් 1,126 දෙනෙකු මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල රැදී සිටින බවයි ඔහු කියාසිටියේ.
කෙසේවෙතත් වෙනත් කිසිදු විදේශියෙකුට හෝ මෙරට පුරවැසියන්ට කිසිදු තර්ජනයක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කියාසිටියා.
නෙත් නිවුස් රතුකට්ට සම්පූර්ණ විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.