Saturday, November 2, 2024

General line - 0115112241

ඇල්පිටියේ ඡන්දය දෙන්න ජනතාවගේ ඉහළ උනන්දුවක්

 රවින්ද්‍ර චන්ද්‍රලාල




ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා පෙරවරු 10පමණ වන විට සියයට 25ක පමණ ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසුවා.

සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම පස්වරු 04 දක්වා පැවැත්වෙනවා. මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඡන්ද විමසීමට අදාළ තවත් තොරතුරු ඇල්පිටිය නගරයේ මේ වන විට රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.  

මේ අතර ඡන්ද විමසීම ආරම්භ වූ පෙරවරු 07 සිට මේ දක්වා කාලය තුළ ඉතා සාමකාමීව එම කටයුතු සිදුවූ බව පැෆ්රල් සංවිධානය පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.

කෙසේවෙතත් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ආශ්‍රිතව රැස්වී සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවා. ඇල්පිටිය පොලිස් වසමේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන ගණන 39ක්. 

එක් ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් 04 දෙනා බැගින් අනියුක්ත කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ජංගම පොලිස් රථ 11ක්ද ඇල්පිටිය පොලිස් වසමේ රාජකාරී සඳහා අනියුක්ත කර තිබෙනවා. 

පිටිගල පොලිස් වසමේද ඡන්ද මධ්‍යස්ථාන 09ක් ස්ථාපිත බවයි පොලීසිය පැවසුවේ.

එම ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 44ක්.

ජංගම පොලිස් රථ තුනක්ද පිටිගල පොලිස් වසමට අනියුක්ත කර තිබෙනවා. අවශ්‍යතාවක් ඇතිවුවහොත් රාජකාරී සඳහා අනියුක්ත කිරීමට යුද හමුදා නිලධාරීන්ද සූදානම් කර තිබෙනවා.