සිය පක්ෂය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කිසිවිටෙක කඩ නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
රට ගොඩ නැගීමට සහ ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් කළ වැඩපිළවෙළ ක්‍රියාත්මක කරන බවද අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
කෙසේවෙතත් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට රජය මේ වන විටත් කටයුතු කර නොමැති බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ.
සිය රජය විසින් දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට තීරණය කළද වත්මන් රජය එය කප්පාදු කිරීමට සැරසෙන බව ඔහු කියා සිටියා.
පෝලිම් යුගය අවසන් කළ බවට ආණ්ඩුව ප්‍රකාශ කළද තවමත් එය අවසන් වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පෝලිම් යුගය අවසන් කිරීමට නම් තාක්ෂණය සමග බද්ද වූ ඩිජිටල්කරණ යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි හඟුරන්කෙත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.
ජනාධිපතිවරණ සමයේ පැවසූ පරිදි පෝලිම් යුගය අවසන් කරන්න්නැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.