ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබෙනවා. පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථාන 48 ක් ස්ථාපිත කර තිබූ බවයි මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ.
එම ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසුවා.
ඒ අනුව රාත්‍රී 10 න් පසුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.