ජා-ඇල, කටුනායක හා සීදූව නගර සභා බලප්‍රදේශ සහ කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම ජා-ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා.
ඒ, අද පස්වරු 06.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා කාලය තුළයි.
මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් එම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.