Tuesday, December 24, 2024

General line - 0115112241

ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැක මතු කරමින් චන්ද්‍රිකාගෙන් ආණ්ඩුවට ලිපියක්




තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැක මතුවී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

සිය ආරක්ෂාව සඳහා ලබාදී ඇති ආරක්ෂකයින් පිරිස  අඩු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 31 වනදා සිට  50 දෙනෙකුගෙන් යුතු සිය ආරක්ෂක පිරිස 30 ක් දක්වා අඩු කිරීමට නියම කර ඇති බවයි ආදළ ලිපියේ දක්වා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂක නිලධාරින් 243 ක්,

ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක නිලධාරින් 200ක් සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලිස් නිලධාරින් 109 ක ප්‍රමාණයක් ලබාදී තිබියදී තම ආරක්ෂකයින් පිරිස 30 ක් දක්වා අඩු කිරීමට තීන්දු කළ නිර්ණායකය කුමක් දැයි මහත් ප්‍රෙහේලිකාවක් බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපිය පහතින් 

 

&

nbsp;