Tuesday, December 24, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි




2024 අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා සිටින සමස්ත ඡන්ද දායකයින් ගණන මිලියන 185 කට අධිකයි.

ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර ජනාධිපතිවරණයේදී තියුණු සටනක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා මැතිවරණ ආසන 538 න් අවම වශයෙන් 270 ක් ජයගත යුතු වනවා.

ඇරිසෝනා, ජෝජියා, නෝර්ත් කැරලයිනා, පෙන්සිල්වේනියා ඇතුළු ප්‍රාන්ත   07 ක ඡන්ද ප්‍රතිඵල මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකය වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.