Tuesday, December 24, 2024

General line - 0115112241

මහමැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද අඩු වීමේ අවදානමක් හිටපු මැකෝ පෙන්වයි

රංජිත් රාජපක්ෂ




මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීම වැළැක්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ උත්සහ ගත යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මහමැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩු වුවහොත් එය යහපත් තත්ත්වයක් නොවන බවයි හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා කියා සිටියේ. 

මැතිවරණ වියදම් නියාමන පනත මෙන්ම මෙරට සංස්කෘතියේ ඇති වී තිබෙන වෙනස්කම් හේතුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු අවම වී ඇති බවද මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියා.