Tuesday, December 24, 2024

General line - 0115112241

චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




වඳ සැත්කම් සිදු කළේ යැයි එල්ල වූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි අද මහජන ආරක්‍ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ කතාවක් ගොතමින් තමන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

මව්වරුන් 4,000ක පමණ පිරිසකට වඳ සැත්කම් කළේ යැයි එල්ල වී තිබූ චෝදනාවලින් ජ්‍යේෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේ ඊයේ දිනයේදීයි.