Tuesday, December 24, 2024

General line - 0115112241

ලොහාන්ට නඩු වැටුණු වාහනය ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ව්‍යාජ වාහනයක් සන්තකයේ තබා ගැනීම සහ එය පරිහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. අදාළ මෝටර් රථයේ චැසි අංකය පවා ව්‍යාජ ලෙස කොටන ලද එකක් බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා එහිදී කියා සිටියේ.

2020 වසරේ සිට එම මෝටර් රථය සැකකරු විසින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන පරිහරණය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව එහිදී ප්‍රකාශ කෙරුණා.

ව්‍යාජ අංක සහිතව එම වාහනය සැකකරු පරිහරණය කරන ආකාරය දැක්වෙන වීඩියෝපටද සොයාගෙන ඇති බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.