අමෙරිකානු ජනධිපති ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර තිබෙනවා.
බලය හුවමාරුව සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයට පැමිණෙන ලෙසද ජෝ බයිඩ්න් ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් වසර හතරකට පෙර ට්‍රම්ප් සහ බයිඩ්න් අතර පැවති උණුසුම් ජනාධිපතිවරණ සටනෙන් පසුව ට්‍රම්ප්ට නැවතත් බයිඩ්න් විසින්ම ධවල මන්දිරයට අරාධනා කිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුගේ මෙවර ප්‍රතිවාදියා වූ කමලා හැරිස්ද සුබ පැතුම් එක් කර තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ සාමකාමී බල හුවමාරුවක නිරත වීමට තමන් සහය වන බවයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුනරාගමනය ට්‍රම්ප්ගේ ජනධිපතිවරණ ජයග්‍රහණය වනු ඇති බවයි.