2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දී ඇති අවසන් දිනය අදයි.
ඒ අනුව පසුගිය දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.
අද දිනයෙන් පසු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නැවත අවස්ථාවක් නොදෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
පෙර අවස්ථාවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට අද දිනයේ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා කියා සිටියේ.