Tuesday, December 24, 2024

General line - 0115112241

වාර්තාවක් තබමින් හරිනි පළමු තැනට




දිස්ත්‍රික්ක රැසක මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. 
ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මනාප හය ලක්ෂ 55,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාසගත වෙමින්.

මීට පෙර වැඩිම මනාප ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්.

2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් ඔහු මනාප පන් ලක්ෂ 27,364ක් ලබාගෙන තිබුණා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයේදී හිමි කරගත් ආසන ගණන 14ක්.

චතුරංග අබේසිංහ මහතා මනාප එක් ලක්ෂ 27, 166ක්, සුනිල් වටගල මහතා මනාප එක් ලක්ෂ 25,700ක්, ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මනාප 96,273ක් සහ අරුණ පනාගොඩ 91,081ක් ලබා ගත්තා.

එරංග ගුණසේකර මහතා මනාප 85,180ක් සහ හර්ෂණ නානායක්කාර මහතා මනාප 82,275ක් හිමි කර ගත්තා.

ඊට අමතරව කෞෂල්‍යා ආරියරත්න, අසිත නිරෝෂන, මොහොමඩ් රිස්වි සාලි, සුසන්ත දොඩාවත්ත, චන්දන සූරියාරච්චි, සමන්මලී ගුණසිංහ සහ දේවානන්ද සුරවීර යන මහත්ම මහත්මීන් ද පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තා.

සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් හිමි කරගත් ආසන ගණන 04ක්. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප එක් ලක්ෂ 45,611ක්, හර්ෂ ද සිල්වා මහතා මනාප 81,473ක්, මුජිබර් රහුමාන් මහතා මනාප 43,737ක් සහ එස් එම් මරික්කාර් මහතා මනාප 41,482ක් ලබා ගත්තා.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට ආසන 08ක් හිමිවුණා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මනාප තුන් ලක්ෂ 71,640ක් හිමි කර ගත්තා.

නිලන්ති කොට්ටහච්චි මහත්මිය හිමි කරගත් මනාප සංඛ්‍යාව එක් ලක්ෂ 31,375ක්.

නිහාල් අබේසිංහ මහතා මනාප 96,721ක්, සංජීව රණසිංහ මහතා මනාප 78,832ක්, ධනුෂ්ක රංගනාත් මහතා මනාප 74,502ක්, ඔෂානි උමන්ගා මහත්මිය මනාප 69,232ක්, චන්දිමා හෙට්ටිආරච්චි මහත්මිය මනාප 50,509ක් සහ නන්දන පද්මකුමාර මහතා මනාප 50,452ක් හිමි කරගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

මේ, මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

කළුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ආසන 2ක් හිමි වුණා. ඒ අනුව අජිත් පෙරේරා මහතා මනාප 43,975ක් සහ ජගත් විතාන මහතා මනාප 43,867ක් හිමි කර ගත්තා. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට කළුතර දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමි වුණා. ඒ අනුව මනාප 10,204ක් හිමි කරගත් රෝහිත අබේගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමි වුණා. 

කළුතර සහ රටේ ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කරන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

එම පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට තරඟ කළ රාජිත සේනාරත්න මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි නොවීම විශේෂත්වයක්. 

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 09ක්. ඒ අනුව ලාල්කාන්ත මහතා හිමිකරගෙන ඇති මනාප සංඛ්‍යාව තුන් ලක්ෂ 16,951ක්.

ජගත් මනුවර්ණ මහතා මනාප එක් ලක්ෂ 28,678ක්, මංජුල ප්‍රසන්න මහතා මනාප 94,242ක්, මුදිත විජේමුණි මහතා මනාප 82,926ක් සහ හර්ෂණ දිසානායක මහතා මනාප 78,526ක් හිමි කරගෙන තිබෙනවා.

ඒ එම් ජී කේ ජී බස්නායක මහතා මනාප 72,929ක්, රියාස් මොහොමඩ් මනාප 64,043ක්, තුෂාරි ජයසිංහ මනාප 58,232ක් සහ මෙහොමඩ් පස්මින් මනාප 57,716ක් හිමි කරගෙන පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. 

සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රවුෆ් හකීම් මහතා මනාප 30,883ක් සහ චමින්ද්‍රනී කිරිඇල්ල මනාප 30,780ක් හිමි කර ගත්තා. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ අනුරාධ ජයරත්න මහතායි.

ඔහු හිමි කරගත් මනාප සංඛ්‍යාව 20,749ක්.  

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව අහිමි වුණා. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජය හිමි කර ගත්තේද ජාතික ජන බලවේගයයි.

ඒ, ආසන 07ක් දිනා ගනිමින්. 

දෙලක්ෂ 51,639ක් එම දිස්ත්‍රික්කයෙන් මනාප හිමි කර ගනිමින් පළමු තැනට තේරී පත්වූ වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. 

සමගි ජන බලවේගයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ ආසන දෙකක් පමණයි.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගයට හිමි වූ ආසන ගණන 05ක්. ඒ අනුව ආර් එම් ජයවර්ධන මහතා ඡන්ද එක් ලක්ෂ 5,107ක් හිමි කර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

අජිත් ප්‍රියදර්ශන, චතුරි ගංගානි, රුවන් විජේවීර සහ සරත් කුමාර යන මහත්ම මහත්මීන්ටද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිවුණා.

සමගි ජන බලවේගයටද එක් ආසනයක් හිමිවූ අතර ඊට සුදුසුකම් ලැබුවේ එච් එම් ධර්මසේන මහතායි. 

මෙවර මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසන 04ක් හිමි වුණා.

ඒ අනුව මනාප එක් ලක්ෂ 618ක් හිමි කර ගත් එම පක්ෂයේ ගමගෙදර දිසානායක මහතා පළමු ස්ථානයට පත් වුණා.

සුනිල් බියන්විල මහතා, දිප්ති වාසලගේ මහත්මිය සහ දිනේශ් හේමන්ත පෙරේරා පාර්ලිමේතුවට තේරී පත්වූ සෙසු තිදෙනා වනවා. 

කෙසේවෙතත් මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්රිමවරුන් කිහිපදෙනෙකුම පරාජයට පත්ව තිබෙනවා. 

හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඒ අතරට අයත්.

ඔවුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ කළා.

මේ අතර වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන්ද මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වුණා. 

ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් හඩ පක්ෂය නියෝජනය කරමින් මෙවර තරඟ වැදුණු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන නනදිමිත්‍ර ඒකනායක මහතාටද පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමි වූයේ නැහැ. 

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලද නිකුත් වී තිබෙනවා. සමගි ජන බලවේගය ආසන 08ක් හිමි කර ගත් අතර මනාප එක් ලක්ෂ 37,965ක් ලබා ගත් ශාන්ත පද්මකුමාර මහතා පළමු ස්ථානයට පත් වුණා.

එස් ප්‍රදීප්, හිනිඳුම සුනිල් සෙනවි, ජානක සේනාරත්න, සුනිල් රාජපක්ෂ, උපුල් කිත්සිරි, වසන්ත පුෂ්පකුමාර සහ නිලූෂා ගමගේ යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාද මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වුණා.

සමගි ජන බලවේගයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හිමිවූ ආසන ගණන 03ක්.

හේෂා විතානගේ, වරුණ ප්‍රියන්ත සහ බාලසූරියගේ ආරියවංශ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මේ, මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා.