නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව ආණඩුවේ මූලික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කර ඇති අතර කිසිදු කැබිනට් යෝජනාවක් සම්මත කරගෙන නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.
මේ අතර 10 වන පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත් කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාවයි.