Wednesday, November 20, 2024

General line - 0115112241

අභියෝග ජයගනිමින් ජනතා බලාපොරොත්තු ඉටුකරන බව ලාල් කාන්ත කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්




සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බිඳවැටී ඇති විශ්වාසය යළි ස්ථාපිත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති ප්‍රධානතම වගකීමක් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

අද පස්වරුවේ සෞඛ්‍ය ආමාත්‍යංශයේදී නව අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


අභියෝග ජයගනිමින් ජනතා බලාපොරොත්තු ඉටුකරන බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද වැඩ භාරගනිමින් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ.


වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද අද පස්වරුවේ නව අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළා.


මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල   මහතා ද අද පස්වරුවේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.