සංචාරක නවසීලන්තය සමග පැවති එක්දින ක්රිකට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකාව ඊයේ රාත්රියේ සමත් වුණා.
ඒ, ඊයේ පැවති තුන් වන සහ අවසන් එක්දින ක්රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමගයි.
තුන් වන සහ අවසන් එක්දින තරඟය ඊයේ පැවැත්වුණේ පල්ලේකැලේ ක්රීඩාංගණයේදීයි.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 21ක් තුළ එක් කඩුල්ලකට ලකුණු 112ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව ඇදහැළුණා.
දිගින් දිගමට වර්ෂාව ඇදහැළීම හේතුවෙන් තරඟය අතහැර දැමීමටයි තීරණය කෙරුණේ. නවසීලන්ත ශ්රී ලංකා තරඟාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණා.
මෙම තරඟාවලි ජයග්රහණයත් සමග ශ්රී ලංකාව මේ වසරේදී එක් දින ක්රිකට් තරඟාවලි 05ක් ජයගෙන තිබෙනවා.