මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයින් යළිත් මීළඟ අවස්ථාවේ දේශපාලනයට පිවිසෙන්නේ නම් ජනතාව ලබාදුන් පාඩම මැනවින් කියවා ගත යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්ද දායකයින්ට අල්ලස් ලබාදී මැතිවරණ ජය ගැනීමට නොහැකි බවද මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලය හරහා පෙන්නුම් කරන බවයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති බලය ජනතාව වෙනුවෙන් භාවිත කිරීමට ඔවුන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි.
මේ අතර, 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය දැනුම් දෙනවා.