Wednesday, November 20, 2024

General line - 0115112241

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාරගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කෙරේ




සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබෙනවා. 

ඒ, පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්ම ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමත් සමගයි. 

ඉකුත් නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත්තා. 

ඒ අනුව තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 04ක් සඳහා පත් කිරීම් කළ යුතුයි. 

ඊට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඒවා සම්පූර්ණ කිරීම ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව සිදු කරනු ඇති. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා ඇති බවයි.