Monday, January 13, 2025

General line - 0115112241

ලංකාවේ ඇති සහාල් ගැන නිවැරදි තොරතුරු නැහැ




රට තුළ පවතින සහල් තොග සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැති බව  වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ ඉදිරියේදී මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට ණය ලබා දීමේදී පවා දැඩි කොන්දේසි පනවන බවයි. 

සහල් තොග පිළිබඳ නිවැරදි තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා ඉදිරියේදී ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන්කළා.

නාඩු සහල් මෙටි්‍රක් ටොන් 70,000ක් ආනයනය කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. 

ඒ, මේ වන විට පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙසයි. 

ආනයනික සහල් තොග දෙසැම්බර් මස 15වනදා වන විට වෙළඳපොළට නිකුත් කරනු ඇති. 

මෙලෙස සහල් ආනයනය කළද බදු අඩු කිරීමක්ද සිදු වන්නේ නැහැ. 

කෙසේවෙතත් මරදගහමුල්ල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා පැවසුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගෙන යන ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියටත් නැවත වරක් සහල් මිලෙහි වැඩිවීමේ අවධානමක් පවතින බවයි.