Tuesday, January 14, 2025

General line - 0115112241

ලොස්ඇන්ජලිස් ලැව් ගින්න මැඩපවත්වන්න රටවල් දෙකකින් ගිනි නිවීම් භටයින්




අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ගිනි නිවීමේ භටයින් කැඳවා තිබෙනවා. 

ඒ අනුව මෙක්සිකෝවෙන් පමණක් ගිනි නිවන භටයින් 70කට වැඩි පිරිසක් ලැව් ගින්න පැතිර යන පැලිසේඩ් වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඒ, ලැව් ගින්න තවදුරටත් පැතිර යන බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති පසුබිමක් තුළයි. 

ඔවුන් පෙන්වා දෙන්නේ ලැව් ගින්න පැතිර යන  ප්‍රදේශවල තද සුළං තත්ත්වය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි. 

ලැව් ගින්න තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය මීට පෙර අනතුරු අඟවනු ලැබුවා. 

එම ගින්නෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාවද 24ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.