Tuesday, January 14, 2025

General line - 0115112241

නව ආයෝජන ගෙන එන බවට අමෙරිකාවෙන් පොරොන්දුවක්




අමෙරිකානු නව ආයෝජකයින්ට පවා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ වෙන් කරන බවට ආණ්ඩුවට සහතිකයක් ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ දැනටමත් නව ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්‍ෂාවෙන් සිටින බවයි. 

මහජන දේපළ කිසිදු අයුරකින් අවභාවිත වීමට ඉඩ නොතබන බවයි ඔහු සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.