Tuesday, January 14, 2025

General line - 0115112241

ධුරයෙන් ඉවත් නොවුනහොත් සෙසු විශ්වවිද්‍යාලත් වර්ජනයට එක් කරගන්නවා




රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාට ධුරයෙන් ඉවත් නොවුනහොත් සෙසු විශ්වවිද්‍යාලද සිය වැඩ වර්ජනයට එක් කරගන්නා බව රුහුණු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මේ වන විට විශ්වවිද්‍යාලයේ කටයුතු පවා බොහෝදුරට අඩපණ වී ඇති බවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාට ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් පෙරේදා දිනයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. 

කෙසේවෙතත් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසුවේ. 

අසත්‍ය චෝදනා මත ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.