Tuesday, January 14, 2025

General line - 0115112241

නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරේ වෛද්‍යවරුන් 05ක් - ආචාර්ය මහාචාර්ය ඉංජිනේරුවරුන් 04ක්




ජාතික ජන බලවේග රජයේ කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම ඊයේ පත් වුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරද විවිධ වෘත්තිකයින් රැසක් සිටින බව ඔබ දැන සිටියාද? ඒ අතරට වෛද්‍යවරුන් 05 දෙනෙකුද අයත්. 

මහාචාර්යවරයෙකු, ආචාර්යවරයෙකු, නීතිඥවරුන් දෙදෙනෙකු හා ඉංජිනේරුවරුන් දෙදෙනෙකුද නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරට අයත්වනවා. 

නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා. 

ඒ අතර සිටින මහාචාර්යවරයා වන්නේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා නීතිඥවරුන් වනවා. 

වෘත්තියෙන් ඉංජිනේරුවරුන් වූ එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා වන අතර ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයායි. 

නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර සිටින වෛද්‍යවරුන් වන්නේ කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතායි. 

ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් සුසිල් රණසිංහ මහතා ද වෛද්‍යවරයෙක්. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.