Monday, January 13, 2025

General line - 0115112241

අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය රාජකාරි අරඹයි




අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව ලේකම් ජනාධිපති නීතිඥ  අයේෂා ජිනසේන මහත්මිය අද පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. 

ඒ, අධිකරණ අමාත්‍යාංශයේදීයි. 

වසර තිස් දෙකකට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ අයේෂා ජිනසේන මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කර තිබෙනවා. 

රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරිය කියා සිටියේ තමා වෙත පැවරී ඇති රාජකාරින් වඩා හොඳින් ඉටු කිරීමට කැපවන බවයි.