Monday, January 13, 2025

General line - 0115112241

සුළං දැඩි වෙයි - ලොස්ඇන්ජලිස් ලැව් ගින්න තවත් ව්‍යාප්ත විය හැකි බවට අනතුරු ඇඟවීම්




අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගින්න තවදුරටත් පැතිර යන බව විදෙස් මාධ්‍ය පවසනවා. 

එරට කාලගුණ බලධාරීන් පවසන්නේ එම ප්‍රදේශවලට තද සුළං තත්ත්වය තවත් පැවතිය හැකි බවයි. 

ඒ අනුව පැතිර යන ලැව් ගින්න ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා. 

එම ලැව් ගින්න තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය මීට පෙර අනතුරු අඟවනු ලැබුවා. 

එම ගින්නෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

ඔවුන්ගේ දේහයන් සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ගින්නට හසු වී ඇති ප්‍රදේශවල ජනතාවගේ දේපළ ආරක්‍ෂා කිරීමේ අරමුණින් රාත්‍රී කාලයේ ඇඳිරි නීතියද පනවනු ලැබුවා. 

ඒ, එම ප්‍රදේශවල නිවාසවල සිදුවන සොරකම් සැලකිල්ලට ගනිමින්. 

එලෙස භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් 07 දෙනෙකු එරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.