Monday, January 13, 2025

General line - 0115112241

ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් යළිත් කළ ඉල්ලීම




ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ යම්කිසි  අධ්‍යනයකින් පසුව බවත් එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

එසේ ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. 


මේ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. 

ඒ අනුව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ සතොස ප්‍රධාන කාර්යාලයේදීයි. 

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා අද එම අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කළා. මේ එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා.

මේ අතර අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරුන් අද පත් කෙරුණා.          

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්.      

ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මලර්මතී ගංගාධරන් මහත්මිය ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත් කර තිබෙනවා.