Monday, January 13, 2025

General line - 0115112241

විපක්ෂ නායකය අසුනේ වාඩි වූ මන්ත්‍රී අර්චුනා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

එන් ඒ ඩබ් නිරෝෂන්




10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ අසුන් ගත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබෙනවා. 

ඒ, නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද ආරම්භ වූ වැඩමුළුවේදීයි. 

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් සිතා මතා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමට කටයුතු නොකළ බවයි. 

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළුව තෙදිනක් පුරා ක්‍රියාත්මකයි. 

එම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද එක්ව සිටියා. 

එහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පසුගිය කාලයේ ජනතා අප්‍රසාදයට පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කිරීමට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයන් බව සිහි තබාගෙන වැඩකළ යුතු බවයි.