Monday, January 13, 2025

General line - 0115112241

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දට එරෙහිව වරෙන්තුව යලි කැඳවයි

උදය කුමාර




නඩුවකට සාක්ෂි දීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කළා. 

ඉන් අනතුරුව පෙර ඇප මත මුදා හැරුණු හිටපු අමාත්‍යවරයාට මීලඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණා.

2016 වසරේ රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබුණා. 

ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.