Monday, January 13, 2025

General line - 0115112241

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ගංඟා රැසක් පිටාර මට්ටමේ




නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය හේතුවෙන් උතුර, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද තද වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය.


මේ අතර ඊයේ රාත්‍රියේ ඇදහැලුනු තද වැසි හේතුවෙන් නැගෙනහිර පාළාතේ සහ පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්කවල ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා.


මහවැලි ගඟෙහි ජල මට්ටම ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.