නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතර දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්. රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී. විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස එලෙස දිවුරුම්දී තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.