Monday, January 13, 2025

General line - 0115112241

නව අමාත්‍යංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ




නව අමාත්‍යංශවලට අයත් විෂයයන්, කාර්යයන්, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා ඇතුළත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව නව අමාත්‍යංශ 24 කට අයත් විෂයය පථයන්, කාර්යයන් සහ රාජ්‍ය ආයතන ඇතුළත්. 

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් දරණු ලබන ආරක්ෂක අමාත්‍යංශය යටතට ආයතන 25 ක් ඇතුළත්. 

ත්‍රිවිධ හමුදා, රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම ආපදා කළමනාකරණයට අදාළ ආයතන ද ඒ අතරට අයත් වනවා. 

ජනාධිපතිවරයා යටතේ පවතින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට ආයතන 62 ක් ඇතුළත්. 

මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ කළමානාකරණ දෙපාර්තමේන්තුව ද ඒ අතර වනවා. 

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතට පත්කර ඇති ආයතන ගණන 29 ක්. 

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම සහ මහවැලි යන අමාත්‍යංශ දෙක යටතේ පැවති ආයතන රැසක් මේ යටතට එක්කර තිබෙනවා. 

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හොඹවන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය යටතට අයත් ආයතන ගණන 26 ක්. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංය යටතට ආයතන 34 ක් ඇතුළත් වනවා.

නව අමාත්‍යංශ යටතට අයත් විෂය පථයන් සහ ආයතන ඇතුළත් මෙම ගැසට් නිවේදනය පිළිබඳ සම්පූර්ණ තොරතුරු >>>     ගැසට් නිවේදනය