Monday, December 23, 2024

General line - 0115112241

පකිස්තානයේ විරෝධාතා දරුණු වෙයි - 05 දෙනෙකු මරුට




ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පකිස්තානයේ පී ටී අයි පක්ෂය විසින් මෙහෙයවන විරෝධතා ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා වලට අනුව, හමුදාවට නියෝග කර ඇත්තේ දුටු සැණින් වෙඩි තබන ලෙසයි.

ඒ පෙළපාලිකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් පසුව සොල්දාදුවන් හතර දෙනෙකු සහ අවම වශයෙන් එක් විරෝධතාකරුවෙකු මිය යාමත් සමගයි.

සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් සඳුදා අග භාගයේ ඉස්ලාමාබාද් අගනුවරට ඇතුළු වීමත් සමඟ ප්‍රචණ්ඩත්වය ඇති විය. 

රටපුරා පෙලපාලි මැඩපැවැත්වීම සඳහා අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ආන්ඩුව දරන උත්සාහයන් නොසලකා හරිමින් ඔවුන් අගනුවරට ඇතුළු වී තිබේ.

ඛාන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු වන සුල්ෆි බුහාරි පැවසුවේ බලධාරීන් විරෝධතාකරුවන්ට මුහුණ දීමත් සමඟ පෙළපාලිකරුවන්ගෙන් එක් අයෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබූ බවයි.