Monday, January 13, 2025

General line - 0115112241

ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය




ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරණ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. 

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 14 යි දශම 2 ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැදුම්කර හිමියන්ගේ එකමුතුව සමඟ පවත්වන ලද සම්මුති, සාකච්චාවලින් අනතුරුව ප්‍රතිපත්තිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව එහිදී ප්‍රකාශ කෙරුණා.