Monday, January 13, 2025

General line - 0115112241

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

රංජිත් රාජපක්ෂ-ජයන්ත වීරසේකර




ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද දහවල් සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා. 

නුවරඑළිය සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි ඇදහැලුනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනනේ

මේ අතර වැල්ලවාය සහ කිරිඳි ඔය ඉහළ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග කිරිඳි ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කිරිඳි ඔය පහළ කොටසේ ජනතාව විමසිලිමත්ව සිටීම වැදගත් වන බව ආපදා කළමනාකරණ නිලධාරින් පැවසුවා.