Monday, January 13, 2025

General line - 0115112241

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් සහන සේවා




පවතින  අයහපත් කාලගුණික තත්වය මත පීඩාවට පත්   අම්පාර  ප්‍රදේශයෙ අපොස උසස් පෙළ දරුවන් සහ ජනතාව වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහන සේවා සැපයීම තවදුරටත් සිදු කරමින් සිටිනවා.

අයහපත් කාලගුණික තත්වය  මත   අම්පාර කොන්ඩුවටුවාන ජලාශය වාන් දැමීමත් සමඟ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාග  මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සහ විපතට පත්ව සිටින ජනතාව වෙත  සහන සැලසීම සඳහා  යුද්ධ හමුදාධිපති තුමාගේ  උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස්, බෝටිටු,  ට්‍රක් රථ සහ යුනි බෆල් රථ යොදවන ලදි.