Monday, January 13, 2025

General line - 0115112241

සාමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරයෙකුට අපාහාස කළ අයෙකුට අත්හිටවූ සිර දඬුවම්

උදය කුමාර




සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අත්හිටවූ සිරදඬුවම් නියම කළා. 

මෙම තීන්දුව ලබා දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්. 

ඒ අනුව එම සැකකරුට බරපතළ වැඩ සහිත මාසයක සිර දඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 05 කට අත්හිටුවන බවත් නියෝග කළා. 

ඊට අමතරව රුපියල් 5,000 ක දඩයක් ද සැකකරුට නියම කෙරුණා. 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ මෙම පැමිණිල්ල යොමු කර තිබුණා.