Monday, January 13, 2025

General line - 0115112241

වාහන ආනයන සඳහා පළමුව අවසර හිමිවන්නන්




මෙරටට වාහන ආනයන සඳහා නැවත අවසර දීමේදී පළමුව ගෙන්වීමට අවසර හිමිවන්නේ වාණිජ මට්ටමේ වාහන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. 

පෞද්ගලික වාහන ගෙන්වීමට අවසර හිමිවන්නේ ඉන්පසු අදියරකදී බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.