Monday, January 13, 2025

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පුද්ගලයින් 691 දෙනෙකු පිඩාවට




දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයෙ පස්වරුව වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 193 ක පුද්ගලයින් 691 දෙනෙකු පිඩාවට පත්ව තිබෙනවා. 

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සදහාන් කර සිටියේ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 98 කට අර්ධ හානි සිදුවි ඇති බවත්, පවුල් 50 ක පුද්ගලයන් 207 ක් සුරක්ෂිත මාධ්‍යස්ථාන 3 ක රදවා ඇති බවයි.

පිඩාවට පත්වුවන් සදහා සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සඳහන් කර සිටියා.

එසේම ඊයේ දින ජල ගැලිම හේතුවෙන් අවහිර වි තිබු කදපල මාර්ගයේ විභාගය සදහා පැමිණි දරුවන් ට අවශ්‍ය සහන සැලසීමට දිස්ත්‍රික් ආපදා කලමනාකාරණ මාධ්‍යස්ථානය ඇතුළු නිලධාරී කටයුතු කල බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.