Monday, January 13, 2025

General line - 0115112241

ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 15,162කට අයත් පුද්ගලයින් 53,286 දෙනෙකු පීඩාවට

මාධව කුලසූරිය




පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 15,128කට අයත් පුද්ගලයින් 53,152 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ඒ අනුව, උතුරු පළාතේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. 

අයහපත් කාලගුණය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 12,485කට අයත් පුද්ගලයින් 43,679 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. 

එම දිස්ත්‍රික්කයේ තාවකාලික සහන කඳවුරු 16ක පවුල් 419කට අයත් පුද්ගලයින් 1,590 දෙනෙකු රැඳී සිටින බවයි වාර්තා වන්නේ. 

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2,040කට අයත් පුද්ගලයින් 7,436 දෙනෙකු පීඩාවට ලක්ව තිබෙනවා. 

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම්වල සිටි පවුල් 497කට අයත් පුද්ගලයින් පුද්ගලයින් 1,691 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 140කට අයත් පුද්ගලයින් 480 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වැඩිදුරටත් සඳහන් කළේ.