Monday, January 13, 2025

General line - 0115112241

රාජාංගනය වාන් දොරටු 10 ක් විවෘත කෙරේ

තිසර සමල් අනුරාධපුර




ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දහයක් සහ අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් මේ වන විට  විවෘත කර තිබෙනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය  අඩි පහක් උසට වාන් හතරක් ද ,අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන්  දෙකක්ද විවෘත කර ඇති බවයි රාජාංගනය ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා පවසා සිටියේ.

එයින් තත්පරයට ඝන අඩි 9930 ක් කළා ඔයට මුදා හැරෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

තවද  අංගමුව  ජලාශය වාන් දොරටු දෙක අඩි හතක් උස්සා ඇති බැවින් එයින් තත්පරයට ගණ අඩි 3650 
ලුණුඔයට මුදා හැරෙනවා 

මේ හේතුවෙන් කලා ඔය සහ ලුණුඔය ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට දැඩි සැළකිළ්ළෙන් සිටින ලෙසට ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා විශේෂයෙන් ජනතාවට දැනුම් දෙනු ලබනවා.

ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට ඉදිරි කාලයේ දී අධික වර්ෂාවක් ලැබුණහොත්  තවත්  වාන් දොරටු  විවෘත කිරීමට සිදුවන බවද   වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ