Monday, January 13, 2025

General line - 0115112241

සුළි කුණටුව පැය 06කින් - වැසි තවදුරටත්




මෙරට කාලගුණයට බලපෑම් කර සුළි කුණාටු තත්ත්වය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. 

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි ඔහු කියා සිටියේ.

සුළි කුණාටුව හේතුවෙන් සුළඟේ වේගයේ වැඩි වීමක් සිදු වේද? 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ  මේ වන විට පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවයි. 

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.