Sunday, January 12, 2025

General line - 0115112241

දැදුරුඔය දැඩි ගංවතුර අවදානමක




අධික වර්ෂාවත් සමග දැදුරු ඔය, ඉහළ ගංවතුර අවදානමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. 

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ මහවැලි ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය ද තවදුරටත් පවතින බවයි.

බොහෝ ප්‍රදේශ තවදුරටත් ගංවතුර අවදානමක පවතින බැවින් ජනතාව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී දැනුම් දුන්නේ.

අත්තනගලු ද්‍රෝණියේ මෙන්ම කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ආශ්‍රිතවද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ. 

එබැවින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.