Sunday, January 12, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF - අලුත්ම කතාව




ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. 

එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බවයි අවධාරණය කර ඇත්තේ.

මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ශ්‍රී ලංකාව මෙතෙක් ළගාකරගත් ප්‍රගතිය සහ තිරසාර ණය මට්ටම් සාක්ෂාත් කර ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක යෙදී ඇති බවයි.

මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම පදනම් කරගත්, ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ 2023 මාර්තු මාසයේදීයි.