Sunday, January 12, 2025

General line - 0115112241

පොහොර සහනාධාර ප්‍රමාද ඇයි?




පොහොර සහනාධාරය ලබා දීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ගැටලුව හඳුනාගෙන ඇති බවත්, ඊට කඩිනමින් විසඳුම් ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.