අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය අනතුරු අඟවා තිබෙනවා.
ජල හිඟතාව හා අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.
ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ වන විට ලැව්ගින්න්න තවත් ප්‍රදේශ තුනකට පැතිර ගොස් තිබෙනවා.
ලැව්ගිනි පාලනය කිරීම සඳහා ඩ්‍රෝන යානාද යෙදවීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ පමණක් අතහැර දැමු නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේම පුද්ගල දේපළ ආරක්ෂා කිරීම සහ කොල්ලකෑම් වැළැක්වීම සඳහා තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.