Sunday, January 12, 2025

General line - 0115112241

කුඹුරු වලින් සියයට 75ක් ජලයෙන් යටවෙයි




පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර මෙන්ම පොළොන්නරුවද ඇතුළුව වගා කළ කුඹුරුවලින් සියයට 75ක් ජලයෙන් යටව ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි කොමසාරිස් ජනරාල් යූ බී රෝහණ රාජපක්ෂ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ සිදුවූ වගා හානි පිළිබඳ නිශ්චිත වාර්තා තවමත් ලබා ගනිමින් සිටින බවයි. 

මෑතකදී වගා කළ කුඹුරු යළි වගා කිරීමට සිදු වනු ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ බී රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළා.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ හානි වී ඇති කුඹුරු වෙනුවෙන් සහන සැලසීමට රජය මැදිහත් වන බවයි.