Sunday, January 12, 2025

General line - 0115112241

නීති කැඩූ රියදුරන් 3,249ක් බලපත්‍ර තහනම් කෙරේ




මෙම වසරේ මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තහනම් කළ බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසනවා. 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝග මත එම රියදුරු බලපත්‍ර තහනම් කළ බවයි.

මේ අතර සාමාන්‍ය සේවාව යටතේ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී තිබූ සියලු රියදුරු බලපත්‍ර මෙම මස අවසානය වන විට නිකුත් කර අවසන් කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.

ගොඩ ගැසී ඇති රියදුරු බලපත්‍ර නිකුත් කර අවසන් කළ පසු රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෙහිදී සඳහන් කළා.