Sunday, January 12, 2025

General line - 0115112241

පීඩන අවපාතයේ බලපෑම හෙටින් පසු අවම වන ලකුණු




නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමෙන් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට ඇතිවන බලපෑම හෙට දිනයෙන් පසු අවම වනු ඇති බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

මේ හේතුවෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ.

නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතු සඳහා තවදුරටත් මුහුදු නොයන ලෙස දීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.