Sunday, January 12, 2025

General line - 0115112241

වැසි සහ ආපදා නිසා තවත් විභාග දෙකක් කල් යයි




රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද කල් දමා තිබෙනවා. 

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගයද තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එම විභාගය නැවත ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වන බදාදා දිනයි.