Sunday, January 12, 2025

General line - 0115112241

මන්ත්‍රී අර්චුනා අධිකරණයට

උදය කුමාර




රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ, සැකකාර මන්ත්‍රීවරයා සිය නීතීඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාල නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ අදාළ නඩුව කැඳවනු ලැබූ ඉකුත් 26 වනදා තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එහි පැවැති රැස්වීමකට සහභාගි වූ බව බවයි. 

ඒ බව තහවුරු කරන ලිපියක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා. මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විදේශගත වීම නිසා නඩුව කැඳවන දිනය සම්බන්ධයෙන් තම සේවා දායකයා තුළ ගැටලුවක් තිබූ බවත් එම නීතිඥවරයා සදහන් කළා 

ඒ අනුව සිය සේවදායකයා වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසයි එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර නඩුව නැවත මාර්තු මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.